දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා නිවේදනය කෙරේ
දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත් කර තිබෙනවා. ඒ බව මීට සුළු මොහොතකට පෙර එම කණ්ඩායම විසින් නිල වශයෙන් නිවේදනය කර සිටියා.
“නායකත්වය සදහා අපිට විකල්ප ගණනාවක් තියෙනවා අපේ සංචිතය තුළ. ඒක හොද දෙයක්.” යනුවෙන් දඹුල්ල කණ්ඩායමේ පුහුණුකරු ඔවයිස් ශාහ් මීට පෙර සදහන් කර තිබුණා.
නායකයා තේරීමට පෙර පුහුණුසැසි කිහිපයක් ක්‍රීඩකයින් සමග පැවැත්වීමට අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ වෙතත්, මෙවර තරගාවලියේ දී දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව අද(25) දිනයේ දී එම කණ්ඩායම නිල වශයෙන් නිවේදනය කළා.
සංචිතය සදහා උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, කසුන් රාජිත වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් ද තෝරා ගෙන තිබෙනවා.
Comments
Post a Comment